අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Anne Cetas

ඈන් සීටස්

ඈන් සීටස් ඇගේ නව යොවුන් වියේ අග භාගයේදී යේසුස්වහන්සේ අනුගමනය කිරීම අරඹන ලදී. අවුරුදු 19 දී ඇයගේ මිතුරියක විසින් ඇයට "අපගේ දිනපතා භෝජනය˜ පිටපතක් ලබා දෙන්නේ නොකඩවා බයිබලය කියවීමට ඇයට උපකාර කිරීමටය. තවද ඇය ඩිස්කවරි දැණුම පොත් පෙළෙටද දැඩි සේ ඇලුම් කරයි. වසර කීපයකට පසු ඇය අපගේ දිනපතා භෝජනය සංස්කාරක මණ්ඩලයට එකතුවන්නේ සෝදුපත් කියවන්නියක ලෙසය. 2004 සැප්තැම්බර් මස ඈන් අපගේ දිනපතා භෝජනය ලිපි රචනා කිරීම අරඹන ලද අතර ප‍්‍රකාශනයන්හී කළමනාකරණ සංස්කාරක ලෙසද කටයුතු කරයි. ඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා කාල් ඇවිදීමට හා එකතුව බයිසිකල් පැදීමට ප‍්‍රිය කරන අතර ඔවුන් නගරබද සේවයක උපදේශකයන් ලෙසද ක‍්‍රියා කරයි.

ඈන් සීටස් විසින් රචිත ලිපි

පහතට නැමීම

කුඩා පාපැදිය තම කුඩා පාද වලින් හැකි තරම් වේගයෙන් පැදවූ තම දියණිය පිටුපසින් තරුණ මවක් දිව ගියාය. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වේගයක් ලබා ගත් කුඩා දැරිය එක්වරම පාපැදියෙන් බිමට පෙරළී තම වළලුකර රිදෙන බව පවසමින් හැඬුවාය. ඇගේ අම්මා නිහඬව දණින් වැටී, පහතට නැමී, “වේදනාව නැති කිරීමට” එතැන සිප ගත්තාය. එය වැඩ කළේය! කුඩා දියණිය නැගිට ආපසු පාපැදියට නැග පැද ගියාය.…

ඇදහිල්ල ක්‍රියාවට නැංවීම

2021 ජුනි මස සන්ධ්‍යාවක ගම්මානයක් හරහා ටොර්නේඩෝවක් නොහොත් සුළි සුළං සහිත චණ්ඩ මාරුතයක් හමා, පවුලක ධාන්‍යාගාරයක් විනාශ කළේය. 1800 ගණන්වල අග භාගයේ සිට මෙම ධාන්‍යාගාරය පවුලේ දේපළක්ව තිබූ නිසා එය කණගාටුදායක පාඩුවක් විය. ජෝන් සහ බාර්බ් පසුදා උදෑසන දේවස්ථානයට යන අතරමගදී, සිදුව ඇති හානිය දැක, ඔවුන්ට උදව් කිරීමට පුළුවන් වන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නතර වූ අතර පිරිසිදු…

ආදරය සහ දෙවියන්වහන්සේ මත රඳා සිටීම

සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, "ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් ... සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය". නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක…

විඳ දරා ගැනීම සහ දියුණු වීම

සජීවීකරණය කරන ලද ගුහා මිනිස් පවුලක් වන “ද කෘඞ්ස්” විශ්වාස කරන්නේ “විඳ දරා ගෙන ජීවත් වීමට ඇති එකම ක්‍රමය මෙම පිරිස (ඔවුන්ගේ කුඩා පවුල) එකට සිටියහොත් පමණක්ය” කියායි. ඔවුන් ලෝකයට සහ අන් අයට බිය වන හෙයින් ආරක්‍ෂිතව ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමෙන් පසු දැනටමත් එම ප්‍රදේශයේ නාඳුනන පවුලක් සිටින බව දැන ගනිති. නමුත් ඔවුහු ඉක්මණින්ම නව අසල්වැසියන්ගේ වෙනස්කම් වැළඳ ගැනීමටත්…

අන් අය සමග ඇවිදීම

ආදරණීය සහ පක්‍ෂපාතී සුනඛයෙක් වන බිලී 2020 දී අන්තර්ජාල තරුවක් බවට පත් විය. ඔහුගේ අයිතිකරු වන රසල් ඔහුගේ වළලුකර බිඳී තිබූ හෙයින් ඇවිදීමට කිහිලිකරු භාවිතා කරමින් සිටියේය. වැඩි කල් නොගොස් බල්ලාද තම අයිතිකරු සමග ඇවිදින විට නොන්ඩි ගසමින් ඇවිද්දේය. කණස්සල්ලට පත් රසල් බිලීව පශු වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර ඔහු කීවේ සුනඛයාට කිසිම වරදක් නැති බවයි. ඌ තනිවම සිටින විට…

නිවසක් සඳහා දැඩි ආශාව

“ඈන් ඔෆ් ග්‍රීන් ගේබ්ල්ස්” යන කථාවල ප්‍රධාන චරිතය වන ඈන් පවුලකට ආශා කළාය. අනාථ වූ ඇය කවදා හෝ නිවසක් කියා කීමට තැනක් සොයා ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගෙන තිබුණි. පසුව මැතිව් නම් වැඩිමහල් මනුෂ්‍යයෙක් සහ ඔහුගේ සොහොයුරිය වන මෙරිල්ලා ඇයව ඔවුන්ගේ නිවසට ගැනීමට කැමති බව දැන ගත්තාය. බක්කි කරත්තයෙන් ඔවුන්ගේ නිවසට යන අවස්ථාවේදී ඈන් දිගින් දිගටම කථා කිරීම ගැන ඇය…

නොසැලෙන විශ්වාසය

තම පියා මිය ගිය පසු පියාගේ බඩු බාහිරාදිය ගෙන ඒමට කෙවින් ආරෝග්‍ය ශාලාවට ගියේය. කාර්ය මණ්ඩලය ඔහුට කුඩා පෙට්ටි දෙකක් දුන්නෝය. ඇත්තටම සතුටින් සිටින්න වස්තු සම්භාරයක් අවශ්‍ය නොවන බව එදා තමාට වැටහුණු බව කෙවින් පැවසීය.

ඔහුගේ පියා වන ලැරීට ජීවිතය බරක් නොවූ අතර සෑම විටම සිනහවකින් සහ අන් අයව දිරිගන්වන වචනයකින් සුදානම්ව සිටියේය. ඔහුගේ ප්‍රීතියට හේතු වූයේ පෙට්ටියකට නොගැලපෙන තවත්…

ඇදහිල්ලෙන් ජීවත් වීම

ගැරීට ඇවිදීමේදී සමබරතා ගැටළුවක් ඇති වුනි. සමබරතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔහුගේ වෛද්‍යවරයා ශාරිරික ප්‍රතිකාරයක් නියම කරන ලදී. එක් සැසියකදී ඔහුගේ චිකිත්සකයා ඔහුට මෙසේ කීවේය. “වැරදි වූවත් ඔබට දැකිය හැකි දේ ගැන ඔබ ඕනෑවට වඩා විශ්වාස කරනවා. ඔබ ඔබේ අනෙක් පද්ධති මත ප්‍රමාණවත් ලෙස යැපෙන්නේ නැත. එනම් ඔබේ පාද යට ඔබට දැනෙන දේ සහ ඔබේ කණ ඇතුළතින් ලැබෙන සංඥා. මේවාද…

දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම

මහාචාර්යවරයා සෑම අවස්ථාවකදීම ඔහුගේ මාර්ග ගත පන්තිය අවසන් කළේ ක්‍රම දෙකකින් එකක් තෝරා ගෙනය. “ඊළඟ වතාවේ හමුවෙමු” හෝ “හොඳ සති අන්තයක් ගත කරන්න” කියාය. සමහර සිසුන් “ස්තූතියි. ඔබටත් එසේම වේවා” කියා ප්‍රතිචාර දක්වති. නුමුත් දිනක් එක් සිසුවෙක් “මම ඔබට ආදරෙයි” යනුවෙන් පිළිතුරු දුන්නේය. පුදුමයට පත් වූ ඔහු “මමත් ඔබට ආදරෙයි” කියා පිළිතුරු දුන්නේය. එදින සවස පංතියේ මිතුරන් එකඟ වූයේ තමන්…

බය නොවන්න

පීනට් නම් විකට චිත්‍රපටයේ සිටින ලීනස් නැමැති චරිතය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහුගේ නිල් ආරක්‍ෂිත පොරෝනය නිසාවෙනි. ඔහු එය සෑම තැනකම අරගෙන යන අතර සුවපහසුව සඳහා එය අවශ්‍ය වීම ගැන ලැජ්ජාවට පත් නොවන්නේය. විශේෂයෙන් ඔහුගේ සහෝදරිය වන ලුසී එයට අකමැති අතර එයින් මිදීමට බොහෝ විට උත්සාහ කළාය. ඇතැම් විටෙක ඇය එය වළලයි. එය සරුංගලයකට හරවයි. තවත් වරෙක විද්‍යා ව්‍යාපෘතියක් සඳහා…